Centralized Control vs Decentralization : මූල්‍ය පද්ධතියේ බලය බෙදී යාම



Centralized Control vs Decentralization in Blockchain

Decentralization: The End of Central Authority

ක්‍රිප්ටෝ ලෝකයේ "හදවත" විදියට හදුන්වන්න පුලුවන් Decentralization හෙවත් විමධ්‍යගතකරණය.

අපි වර්තමානයේ use කරන මූල්‍ය සහ දත්ත පද්ධති සියල්ලම වගේ Centralized හෙවත් මධ්‍යගත පද්ධති. ඒ උනාට බ්ලොක්චේන් තාක්ෂණය විසින් මේ සම්ප්‍රදායික පාලනය සහමුලින්ම වෙනස් කරල තියෙනව.

1) මධ්‍යගත පාලනය (Centralized Control) කියන්නෙ මොකක්ද?🤔

අපි බැංකුවක් උදාහරණයට ගමු. ඔයා ඔයාගෙ මිතුරෙකුට රුපියල් 10,000ක් යවද්දි, ඒ ගනුදෙනුව සම්පූර්ණ වෙන්න නම් බැංකුවේ අනුමැතිය අනිවාර්යයෙන්ම ඕන වෙනව. මේකෙදි,

  • බැංකුව විසින් ඔබ සතුව මුදල් තිබේදැයි පරීක්ෂා කරනව.
  • ඔවුන්ගේ මධ්‍යම පරිගණක පද්ධතියේ (Central Server) එම ගනුදෙනුව සටහන් කරනව.
  • අවශ්‍ය නම් ඔබේ ගනුදෙනුව නැවැත්වීමට හෝ ප්‍රමාද කිරීමට බැංකුවට සම්පූර්ණ බලය තියෙනව.

මේකෙ ඇති ප්‍රධාන අවදානම තමයි Single Point of Failure. ඒ කියන්නෙ, බැංකුවේ සේවාදායකය (Server) බිඳ වැටුණහොත් හෝ හැක් (Hack) වුනොත්, මුළු පද්ධතියම අක්‍රිය වෙනව.

2) විමධ්‍යගතකරණය (Decentralization) ක්‍රියාත්මක වන්නේ කොහොමද?🤔

Decentralization කියන්නෙ පාලන බලය සහ දත්ත ගබඩා කිරීමේ හැකියාව එකම මධ්‍යස්ථානයක තබා ගැනීම වෙනුවට, ජාලය පුරා විසිරී ඇති පරිගණක දහස් ගණනක් (Nodes) අතර බෙදා හැරීම.

බ්ලොක්චේන් ජාලයකදී කිසිම "මැනේජර්" කෙනෙකු හෝ "ප්‍රධාන කාර්යාලයක්" නැත. ඒ වෙනුවට මුළු ජාලයම පාලනය වෙන්නෙ ගණිතමය නීති සමූහයක් (Protocol එකක්) මගින්.

  • P2P Network (පුද්ගලයාගෙන් පුද්ගලයාට): ගනුදෙනු වෙන්නෙ සෘජුවමය. අතරමැදියෙකුගේ අවශ්‍යතාවයක් නැ.
  • Distributed Ledger (බෙදා හරින ලද ලේඛනය): බැංකුවක නම් ගනුදෙනු ලැයිස්තුව තියෙන්නෙ බැංකුව සතුව විතරයි. නමුත් බ්ලොක්චේන් ජාලයකදී, එම ගනුදෙනු ලැයිස්තුවේ පිටපතක් ජාලයේ සිටින සෑම පරිගණකයක් (Node එකක්) ගාවම තියෙනව.

3) මධ්‍යගත පාලකයෙකු නැතිව විශ්වාසය ගොඩනගන්නේ කොහොමද?🤔

මේක හැමෝටම වගේ ඇතිවන ගැටලුවක්. "බැංකුවක් නැතිනම්, කවුරුහරි බොරු ගනුදෙනුවක් ඇතුළත් කළොත් මොකද වෙන්නේ?

මෙන්න මෙතනදි blockchain තාක්ෂණයේ Consensus Algorithms (සම්මුති ක්‍රමවේද) use කරනව. Network එකේ ඉන්න සියලුම පරිගණක ගනුදෙනුවක් දිහා බලල, එක නිවැරදිදැයි ගණිතමය වශයෙන් තහවුරු කරනව. බහුතරයකගේ එකඟතාවය (Consensus) ලැබුණාම පමණක් ඒ ගනුදෙනුව ස්ථිර ලෙස සටහන් වෙනව. කෙනෙකුට පද්ධතියට වංචා කරන්නනම් ලෝකය පුරා විසිරිලා තියෙන computers වලින් 51% කට වඩා වැඩි ප්‍රමාණයක් එකවර hack කරන්න ඕනෙ. මෙක ප්‍රායෝගිකව කළ නොහැකි තරම් අසීරු කාර්යයක්.(ඇයි කියල ඔයාටම තේරෙයි පල්ලෙහාටම කියවන් යද්දි😉)

4) විමධ්‍යගතකරණයේ ප්‍රායෝගික ප්‍රතිලාභ මොනවද?🤔

  • විශ්වාසය අවශ්‍ය නොවීම (Trustless): ඔබට මුදල් යැවීමට බැංකුවක් හෝ පුද්ගලයෙකු විශ්වාස කිරීමට අවශ්‍ය නැත. ඔබ විශ්වාස කරන්නේ "Code" එක හෙවත් ගණිතයයි.
  • Sensor කිරීමට නොහැකි වීම (Censorship Resistance): කිසිදු රජයකට හෝ ආයතනයකට ඔබේ ගිණුම අත්හිටුවීමට හෝ ගනුදෙනු අවහිර කිරීමට නොහැක. බලය ඇත්තේ ඔබේ අතේ පමණි.
  • නොනවතින ක්‍රියාකාරිත්වය (Uptime): ජාලයේ පරිගණක 90% ක් අක්‍රිය වුවද, ඉතිරි 10% පවතින තාක් කල් ජාලය දිගටම ක්‍රියාත්මක වේ.
💡 Note

“විමධ්‍යගතකරණය යනු තාක්ෂණික මෙවලමක් පමණක් නොව, එය බලය බෙදා හැරීමේ නව ක්‍රමයකි. එයින් මූල්‍ය පද්ධතියේ පාලනය බැංකු සහ රජයන්ගෙන් ඉවත් කර නැවතත් සාමාන්‍ය ජනයා අතට පත් කරයි. The Crypto Folder තුළ අප කතා කරන සෑම දෙයකම පදනම මෙයයි.”

Comments

Comments