Asymmetric Cryptography: රහස්‍ය යතුරු මගින් ඩිජිටල් විශ්වාසය ගොඩනැගීම
🤔 දැන් ඔයා බලනව ඇති “මොකක්ද මේ asymptomatic cryptography කියන්නෙ?” කියල.
මේක තමයි ක්‍රිප්ටෝ ලෝකයේ තියෙන "Magic" එක. මේක තේරුම් ගන්න හරිම ලේසියි.
Asymmetric Cryptography කියන්නෙ මොකක්ද?
සාමාන්‍යයෙන් අපි ගෙදරක දොරක් ලොක් කරන්නේ එකම යතුරකින්නේ? දොර ලොක් කරන්න පාවිච්චි කරන යතුරමයි දොර අරින්නත් පාවිච්චි කරන්නේ. ඒකට කියන්නේ Symmetric Cryptography (සමමිතික) කියලා.
හැබැයි බ්ලොක්චේන් එකේදී පාවිච්චි වෙන්නේ Asymmetric ක්‍රමය. මෙතැනදී යතුරු දෙකක් තියෙනවා.
- Public Key (පොදු යතුර) : මේක හරියට හැමෝටම පේන්න තියෙන "අගුලක්" (Padlock) වගේ. ඕනෑම කෙනෙකුට මේක දකින්න පුළුවන්.
- Private Key (පෞද්ගලික යතුර): මේක තමයි ඒ අගුල අරින්න පුළුවන් ලෝකයේ තියෙන එකම යතුර. මේක තියෙන්නේ ඔයා ගාව විතරයි.
මේක වැඩ කරන්නේ කොහොමද?
අපි හිතමු ඔයාට මට රහස් ලියුමක් එවන්න ඕන කියලා.
- මම මගේ Public Key එක (විවෘත කරපු අගුලක්) ඔයාට දෙනවා.
- ඔයා ඔයාගේ ලියුම පෙට්ටියකට දාලා, මම දීපු ඒ අගුලෙන් (මගේ public Key එකෙන්) පෙට්ටිය ලොක් කරනවා.
- දැන් ඒ පෙට්ටිය ලොක් කරාට පස්සේ, ඒක ලොක් කරපු ඔයාටවත් ඒක ආපහු අරින්න බැහැ.
- ඒක අරින්න පුළුවන් ඒ අගුලට අදාළ Private Key එක තියෙන මට විතරයි.
ක්‍රිප්ටෝ ගනුදෙනුවකදී යමෙකුට ඔයාට මුදල් එවන්න ඕන නම්, එයා පාවිච්චි කරන්නේ ඔයාගේ Public Key එක (Wallet Address එක). ඒ ලැබුණු මුදල් වියදම් කරන්න (unlock කරන්න) පුළුවන් වෙන්නේ ඔයාගේ Private Key එක තියෙන ඔයාට විතරයි.
ඇයි මේක බ්ලොක්චේන් එකට වැදගත් වෙන්නේ?
මේ ක්‍රමය නිසා ඔයාට ඔයාගේ රහස් යතුර (Private Key) කාටවත් පෙන්වන්නේ නැතුව, අන්තර්ජාලය හරහා ඉතාම ආරක්ෂිතව ගනුදෙනු කරන්න පුළුවන්. හොරාට ඔයාගේ Public Key එක (Address එක) දහ පාරක් ලැබුණත්, ඒකෙන් ඔයාගේ Private Key එක මොකක්ද කියලා හොයාගන්න බැහැ. ඒක ගණිතමය වශයෙන් කළ නොහැකි දෙයක්.
දැන් අර Nodes දෙකේ කතාවට මේක ගලපල බලන්න.
හොරා ගාව ඔයාගේ Public Key එක තිබුණට, එයාට ඔයාගේ නමින් ගනුදෙනුවක් අත්සන් කරන්න (Sign කරන්න) බැහැ, මොකද එයා ගාව ඔයාගේ Private Key එක නැති නිසා.
දැන් මේක පැහැදිලියි නේද?
"Asymmetric Cryptography: The Science of Digital Trust.
බ්ලොක්චේන් තාක්ෂණයේ මූලික පදනම වන්නේ Asymmetric Cryptography යි. මෙහිදී Public Key සහ Private Key ලෙස හඳුන්වන ගණිතමය වශයෙන් එකිනෙකට සම්බන්ධ යතුරු යුගලක් භාවිතා වේ. පොදු යතුර (Public Key) හරහා ඕනෑම අයෙකුට ඔබට දත්ත හෝ මුදල් එවීමට හැකි අතර, ඒවා පාලනය කිරීමේ පරම අයිතිය පවතින්නේ රහස්‍ය/පෞද්ගලික යතුර (Private Key) සතු පුද්ගලයාට පමණි. මෙමගින් මධ්‍යගත ආයතනයක මැදිහත්වීමකින් තොරව, අන්තර්ජාලය හරහා උපරිම ආරක්ෂාව තහවුරු කරයි."
Comments
Post a Comment